දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය විද්වතුන්ගේ පාරාදීසයකි. මේ අතර මිරිස්ස ඓතිහාසික වටිනාකමක් ඇති ගම්මානයකි. මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබුණි. එය 1868 ඉංග්‍රීසි පාලන සමයේදී පිහිටුවන ලදී. එකල මෙය බහු භාෂා මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ විය. ඒ වන විට පාසලේ සිසුන් 40ක් පමණ සිටියා.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය මේ පාසලෙන් බිහි වී ඇත. මෙම විද්‍යාලයට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බවත් ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ට පණ්ඩිතයන්ගෙන් සමන්විත විද්‍යාලයක් බවත් කවුරුත් දන්නා කරුණකි.